Sunday, April 15, 2012
සුබ නව වසරක් වේවා
හැමෝම පුරුද්දට කියනවා වගේ ඔන්න අපිත් හදවතින්ම සුබ නව වසරක් වේවා කියල කියනවා. හැබැයි ඉතින් කවුරුවත් සුබ පැතුවා කියල විතරක් නම් අවුරුද්ද සුබ වෙන එකක් නැහැ නේද? මොකද කවුරු මොනව කිව්වත් අපි හැසිරෙන්නේ හිතන්නේ පතන්නේ පරණ අවුරුද්දෙ විදියටම නම් අලුත්අවුරුද්දක් ආව කියල වෙනසක් නම් වෙන එකක් නැහැ. ඒත් කවුරුවත් සුබපැතුවේ නැතත් අවුරුද්ද සුබ කරගන්න එක ගොඩක් අමාරු දෙයකුත් නෙමෙයි. පොඩ්ඩක් ආපහු හැරිල බලන්න අවුරුද්දක් පුරාවට මොනවද ඇත්තටම කරල තියෙන්නෙ, මොනවගේ තැන්ද වැරදිලා තියෙන්නෙ, මොනවගේ දේවල්ද හරිගිහින් තියෙන්නෙ කියල. දැන් කල්පනා කරල බලන්නකෝ අර වැරදුණ දේවල් හදාගන්න විදියක් තියෙනවද කියල. ඒ ටික හදාගත්තත් මේ අවුරුද්ද ගිය අවුරුද්දට වඩා සාර්ථක වේවි නේද? වැරදුණ තැන් හදාගන්නවිදිය දන්නවා නම් කල්පනා කරලා බලන්න මොනවද හරිගිහින් තියෙන්නේ කියල. ඇත්තටම ඒ දේවල් හරිද නැත්නම් හරි කියල හිතාගෙන ඉන්නවද? ඒ දේවල් තව ටිකක් හොදට කරන්න උත්සහ කරන්න එතකොට පරණ අවුරුද්දේදී තිබුණට වඩා සාර්ථක බවක් දැනේවි. වැරදුණ තැන් හදාගත්තා නම් හරිගියතැන් තවත් සාර්ථක විදියට කරනවා නම් තව මොනවද කරන්න තියෙන්නේ? ඇත්තටම තව මොනවද කරන්න තියෙන්නේ. එක තමයි ඊළඟ පියවර. කල්පනා කරලා බලන්න තව මොනවද කරන්න තියෙන්නේ තව මොනවද කරන්න පුළුවන් කියල. කල්පනා වෙන්නේ නැද්ද, එහෙනම් ඉස්සරහට කියන්නම්කො ඒ මොනවද කියල. එතකන් මතකතියාගන්න පුංචි සංකල්පයකින් ලොකු වෙනසක් කරන්න පුළුවන්.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment