Sunday, April 15, 2012

සුබ නව වසරක් වේවා

හැමෝම පුරුද්දට කියනවා වගේ ඔන්න අපිත් හදවතින්ම සුබ නව වසරක් වේවා කියල කියනවා. හැබැයි ඉතින් කවුරුවත් සුබ පැතුවා කියල විතරක් නම් අවුරුද්ද සුබ වෙන එකක් නැහැ නේද? මොකද කවුරු මොනව කිව්වත් අපි හැසිරෙන්නේ හිතන්නේ පතන්නේ පරණ අවුරුද්දෙ විදියටම නම් අලුත්අවුරුද්දක් ආව කියල වෙනසක් නම් වෙන එකක් නැහැ. ඒත් කවුරුවත් සුබපැතුවේ නැතත් අවුරුද්ද සුබ කරගන්න එක ගොඩක් අමාරු දෙයකුත් නෙමෙයි. පොඩ්ඩක් ආපහු හැරිල බලන්න අවුරුද්දක් පුරාවට මොනවද ඇත්තටම කරල තියෙන්නෙ, මොනවගේ තැන්ද වැරදිලා තියෙන්නෙ, මොනවගේ දේවල්ද හරිගිහින් තියෙන්නෙ කියල.